ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයාගේ වැටුප තවත් වැඩිවෙයි
ලොව ඉහළම වැටුපක් ලබන රාජ්‍ය නායකයා වන සිංගප්පූරු අගමැතිවරයාගේ වාර්ෂික වැටුප තවත් ඩොලර් මිලියන 1.1 කින් ඉහළ නැංවිමට එරට රජය තීරණය කර තිබෙ.අගමැතිවරයාගේ වැටුප් වැඩිවීමට සමගාමීව සිංගප්පූරුවේ අමාත්‍යවරුන්ගේ සහ අනෙකුත් නිලධාරීන්ගේ වාර්ෂික වැටුප්දවැඩි කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සිංගප්පූරු අගමැතිවරයා වන ලෝරන්ස් වොන්ග්ගේ වාර්ෂික වැටුප් පැකේජයට සිංගප්පූරු ඩොලර් මිලියන 1.4ක
(ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් හෝ පවුම් 818,000ක් පමණ) වැඩිවීමක් සිදුවනු ඇත. මෙම වැටුප් වැඩිවීම ඉදිරි වසර පහ
තුළ පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කරන බව ඔහු ප්‍රකාශ කර තිබේ.
වඩාත් දක්ෂ පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අමාත්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම අවශ්‍ය බව වොන්ග් පැවසීය.
අමාත්‍යවරුන්ට ඉහළ වැටුප් ගෙවීම මගින් දූෂණය අවම කළ හැකි බව රජය මීට පෙර තර්ක කර ඇත.
කෙසේ වෙතත්, රැකියා සුරක්ෂිතතාව සහ ඉහළ යන ජීවන වියදම පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතින සිංගප්පූරුව තුළ
මෙම පියවර විවේචනයට ලක්ව තිබේ.
වැටුප් වැඩිවීම ක්‍රියාත්මක වීමටත් පෙර සිටම, ලොව ඉහළම වැටුප ලබන නායකයා වන්නේ වොන්ග් ය.
ඔහු දැනට සිංගප්පූරු ඩොලර් මිලියන 2.2ක වාර්ෂික වැටුපක් ලබන අතර, එම වැටුප 60%කට වඩා වැඩි වී සිංගප්පූරු ඩොලර්
මිලියන 3.6ක් (ඇමරිකානු ඩොලර් මිලියන 2.8ක්) දක්වා ඉහළ යනු ඇත.
ඊළඟට වැඩිම වැටුපක් ලබන්නේ හොංකොං හි ප්‍රධාන විධායක ජෝන් ලී (ඇමරිකානු ඩොලර් 719,000ක් පමණ) වන අතර,
ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පාමෙලින් (ඇමරිකානු ඩොලර් 606,000ක්) ඊට පසුව සිටී.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වසරකට ඇමරිකානු ඩොලර් 400,000ක් උපයන අතර, බ්‍රිතාන්‍ය අගමැති
ඇන්ඩි බර්න්හැම් ඇමරිකානු ඩොලර් 230,000ක වැටුපක් ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

